මහ බැංකු අධිපති ගත් තීරණවල ප්‍රතිලාභ අද ජනතාවට ලැබෙනවා – අලි සබ්රි

මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමට ඇතැමුන් උත්සාහ දරන බව හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අද (02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අතුරු අයවැය විවාදයේදී අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

“ජනතා කැළඹීමත් එක්ක මුදල් අමාත්‍යාංශය භාරගන්න කවුරුත් හිටියේ නැහැ. දෙන අය ගන්නේ නැහැ. මට දුන්නා. මම භාරගත්තේ IMF එකත් එක්ක සාකච්ඡා කරන එක ඉතාමත්ම වැදගත් නිසා.”

“අපි ආරම්භ කළ සාකච්ඡා අද සාර්ථක වෙලා තියෙනවා.” 

“ණය ගෙවන එක ඉතාමත්ම වැදගත්. නමුත් යම් පුද්ගලයෙක්ගේ පවුලේ දරුවෝ කන්න නැතුව ගෙවල්වල ඉන්නවා නම්..තියෙන ඔක්කොම එකතු කරලා ගිහින් ණය ගෙවනවාද? කන්න දෙනවා ද? කියන තීරණය අපිට ගන්න සිදුවුණා.”

“අපි තීරණය කළේ නැහැ.. තිබුණු සල්ලි නොගෙවා ඉන්න. සල්ලි තිබුණේ නැහැ ගෙවන්න. අමෙරිකානු ඩොලර් මිලියන 203ක් ගෙවන්න තිබුණා. භාණ්ඩාගාරයේ තිබුණේ 37,000යි.”

“අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක් ගෙවන්න තිබුණා. එතකොට ඒවා ගෙවනවාද? ණය ගෙවනවාද?”

“මම ඒ වගකීම භාරගන්නවා. සියලුදෙනා සමග සාකච්ඡා කරලා මම ඒ තීරණය ගත්තා. අපි ගත්තු තීරණවලින් අපි පැනලා දුවන්නේ නැහැ.” 

“නන්දලාල් වීරසිංහ මහතා මට අවශ්‍ය උපදෙස් දුන්නා ඒ තීරණය ගන්න.”

“නමුත් කාටහරි එතුමාව ඉවත් කරන්න ඕනේ නම් මම පැත්තකට යන්නම් එතුමාව තියාගන්න. එතුමා ගත්තු තීන්දු තීරණවලින් තමයි අද ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ.”  

Leave a Reply

Your email address will not be published.