හෙට පැය 18ක ජල කප්පාදුවක්

හෙට (03) උදෑසන 8 සිට අනිද්දා (04) අලුයම 2 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ඒ අනුව පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය.

Leave a Reply

Your email address will not be published.