කාසියේ වාසිය ශ්‍රී ලංකාව ට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (03) රාත්‍රීයේදී පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාවට ඇෆ්ගනිස්තාන කණ්ඩායමටම ලබාදීමටය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලබා තිබේ.

සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලැබු සියලු කණ්ඩායම් නැවතත් එකිනෙකා සමග තරගවදින අතර එම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.