කුඩු සළිඳුගේ ගෝලයෙකු අත්අඩංගුවට

විදෙස්ගතව සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වනු ලබන සළිඳු කරුණාරත්න හෙවත් කුඩු සළිඳුගේ ගෝලයෙකු වාද්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් තියුණු ආයුධයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදියි.
පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහු කුඩු සළිඳු නැමැත්තාගේ ගෝලයෙකු බවයි.
එමෙන්ම මොහු මීට පෙර මනුෂ්‍ය ඝාතනයකට සහ හෙරොයින් සහ ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීමේ චෝදනාවලට බන්ධනාගාරගතව සිට මීට මාස දෙකකට පෙර ඇප මත නිදහස් වී පැමිණි පුද්ගලයෙකු බවට එම ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වූ බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර පුත්තලම – නාගවිල්ලුව ප්‍රදේශයෛ්දී ඊයේ අලුයම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් අටක් සමඟ 40 හැවිරිදි කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published.