මහජන බදු සල්ලි වලින් මහජනතාවටම ගහනවා – පුබුදු

මහජනතාවගෙන් බදු සල්ලි අරගෙන වියදම් කරලා තියෙන්නේ මහජනතාවටම ගහන්න බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඊයේ 2 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

රාජ්‍ය අයවැය ඉදිරිපත් කරද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයා චතුරාර්ය සත්‍ය වගේ එකක් ඉදිරිපත් කළා  අර්බුදය අර්බුදයට හේතුව අර්බුදය විසඳන්න ගමන් කරන මාර්ගය සහ විසඳුම කියලා එකක් ඉදිරිපත් කළා.

 මේක ඇත්තටම චතුරාර්ය අසත්‍යක්. රාජ්‍ය අයවැය ගත්තොත් එහෙම රාජ්‍ය අයවේ පාර්ශව දෙකක් තියෙනවා ආදායම් සහ වියදම් කියලා. ආදායම් වියදම් දෙකටම අදාළව කලින් කියපු එක නෙමෙයි මේ අය වැයේ තියෙන්නේ.

 රාජ්‍ය වියදම මේ අය වැයේ වැඩි වෙලා. අයවැය පරතරය වැඩි වෙලා. ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන දාහකින් පමණ ඉහල දාලා තියෙනවදැවැන්ත ණය අර්බුදයක හිර වෙලා ඉන්න වෙලාවක තවත් ණය ගැනීම තමයි යෝජනා කරලා තියෙන්නේ. අය වැය පරතරය අඩු කරන මුවාවෙන් මර්දනය සහ ජනතාව අන්දන නාස්තිකාර සන්දර්ශන ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කරල තියනවා.

 ආදායම් පැත්තෙ කොටස් දෙකක් තියෙනවා රාජ්‍ය බදු ආදායම් සහ බදු නොවන ආදායම්. මේ අයවැය රාජ්‍ය ආදායමෙන් සියයට අනුවක්ම තියෙන්නේ  බදු ආදායම්. සියයට දහයක් වගේ තමයි තියෙන්නේ බදු නොවන ආදායම්.

 රජය සතු ව්‍යවසායයන් ගෙන් දේපළවලින් මුදලක් එනවනම් ඒ මුදල තවත් අඩු වෙන ආකාරයට රාජ්‍ය දේපල ව්‍යවසායන් විකුණලා දාන තත්ත්වයට තමයි මේකෙ දිශානතිය හදලා තියෙන්නේ. රාජ්‍ය පවත්වාගෙන යාමේ මුළු බර ජනතාව මත පට වල තියෙනවා.

 බදු වර්ග දෙකක් තියෙනවා සෘජු බදු වක්‍ර බදු. මේ අයවැය සීයට අසූවක් විතර ම තියෙන්නේ ජනතාවගේ භාණ්ඩ හා සේවා මත පනවන ලද බදු.

 සියයට පහළොවක් විස්සක් වගේ තමයි තියෙන්නේ ඉහළ ආදායම්ලාභීන් ගෙන් අය කරන සෘජු බදු.

 සෘජු බද්ද වැඩි කරලා තියෙනවා වගේ පෙන්නලා තියෙනවා. බදු නොගෙවු ආපු අයගේ බදු අයකර ගැනීම ගැන අයවැයේදී නිකමටවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නෑ. දේශීය ආදායම් කොමසාරිස් වරුන්ගේ සංගමය කියලා තියෙනවා  රුපියල් කෝටි අනූදාහක් තියෙනවා කියලා විවිධ විශාල සමාගම් විසින් නොගෙවන ලද බදු.

 බදු පැහැර හැරීම සඳහා අවස්ථාව විවර කරලා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට සුරාබද්ද රුපියල් බිලියන 1.2 කුයි ආදායම් බද්ද රුපියල් බිලියන 1.6 කුයි විතර රුපියල් බිලියන 2.8 බදු පොලු තියපු නිසා අරක්කු නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවා පු අර්ජුන් ඇලෝසියස් ගේ මෙන්ඩිස් සමාගම එක බලපත්‍රය වෙනුවට බලපත්‍ර දෙකක්ම දෙන්න තීරණය කළා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව.

 මේවා දැක්කට පස්සේ වෙන කවුරුත් බදු ගෙවන්නෙත් නෑ. සෘජු බද්ද වැඩි කරලා තියෙන්නේ ඉහළ වැටුප් ගන්න අයගෙන් ලබාගන්න බද්ද.

 ලොකු වැටුපක් ගන්න කෙනයි පොඩි වැටුපක් ගන්න කෙනයි අතර ප්‍රතිවිරෝධය හදන්න යන්නේ.

 මේ තරම් විශාල උද්ධමනයක් තියෙද්දි ජල බිල ස්ථාවර ගාස්තුව හය ගුණයකින් වැඩිවෙලා විදුලි බිල අධික ලෙස වැඩි කරලා එච්චර ප්‍රශ්නයක් තියෙන තැනක නැවත නැවත ජනතාව මතම බදු බර පටවල. අය කරපු බදු වියදම් කරද්දී වියදම් කරන්නේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ද. මේ අයවැය සමස්ත රාජ්‍ය වියදම් වලින් සියයට හැට අටක් ම තියෙන්නේ අමාත්‍යාංශ පහ හයකට.

 ඔක්කොම අමාත්‍යාංශ විසිනවයක් තියෙනවා. අමාත්‍යාංශ හයකට සමස්ත රාජ්‍ය අයවැයෙන් 68%  මුළු රාජ්‍ය වියදමෙන් තුනෙන් දෙකක්ම වෙන් කරලා.

 ආරක්ෂක අමාත්‍යාංශයට හමුදා නඩත්තු කිරීම සඳහා වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන 376. ක්‌ යුද්ධය කාලේ තිබ්බාටත් වඩා දෙගුණයකටත් වඩා වැඩියි.

 පොලිසියට වෙන් කරලා තියෙනවා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට බිලියන එකසිය දොළහයි දශම අටක්. හමුදාවට සහ පොලීසියට වෙන්කරපු මුළු මුදල එකතු කරපුවාම රුපියල් බිලියන 488.8 ක්‌ සමස්ත රාජ්‍ය වියදමෙන් සියයට 15 ක්‌. ජනතාව මර්දනය කිරීම සඳහා මෙතරම් මුදලක් වෙන්කර දී ජනතාවගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් වෙන් කරලා තියෙන්නෙ කීයද.

 පාසල් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ බිලියන 139 යි උසස් අධ්‍යාපනයට බිලියන හැට එකයි. සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරලා තියෙන බිලියන 247  යි. ඉතිහාසයේ අඩුම වියදම පොදු ප්‍රවාහනයට කරපු බිලියන 34යි.

 අධ්‍යාපන උසස් අධ්‍යාපන සෞඛ්‍ය පොදු ප්‍රවාහන කියන හතරම එකතු කරත් එකතුවට වඩා වැඩි හමුදාවට වෙන් කරපු මුදල.

 මහජනතාවගෙන් බදු සල්ලි අරගෙන වියදම් කරලා තියෙන්නේ මිනිස්සුන්ට ගහන්න. පාරවල් කාපට් කරන්න බිලියන දෙසිය හැත්තෑ තුනක් මේක මොන විහිළුවක් ද කියලා හිතන්න.

 තෙල් ගේන්න සල්ලි නෑ කියලා නහයෙන් අඬනවා. තෙල් ගේන්න සල්ලි නැත්නම් කරන්න ඕනේ පොදු ප්‍රවාහනය නංවන්න. පෞද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කරන්න.. සහන දුන්න අයවැයක් කියනවා බොරු කතා නේ. පවුල් 61000 ට ආහාර සහනයක් දෙනවා කියලා කියනවා. පවුල් ලක්ෂ නමයක් දවසකට එක වේලයි කන්නේ කියලා ලෝක ආහාර සංවිධානය කියන රටකට.

 ගැබිනි මව්වරුන්ට දුන්න 20,000 අමතරව තව දෙදහස් පන්සියයක් දෙනවා කියනවා. මොන විහිළුවක් ද. දැන් අවුරුද්දක විතර කාලයක් තිස්සේ ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ල දෙන්නේ නෑ කියන එක දන්නේ නැද්ද. නොදෙන එකකට තමයි ගාණ වැඩි කරන්නම් කියන්නේ. ඒ කියන්නේ ඕක ලැබෙන්නෙ නෑ

Leave a Reply

Your email address will not be published.