රනිල්ට පුළුවන්නම් අපිටත් පුළුවන් – මෛත්‍රී

රටේ පවතින තත්වය අනුව ළඟදීම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමේ ලකුණු ඇති බවත් ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇත්තේ ශ්‍රීලනිප ය ප්‍රමුඛ සන්ධානයකට බවයි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 42 දෙනෙකුට විපක්‍ෂයේ අසුන්ගැනීමට හා ස්වාධීනවීමට සිදුව ඇත්තේ පොහොට්ටුවේ බහුතරය රට වෙනුවෙන් එකතු වී වැඩකිරීමට සූදානම් නැති නිසා යැයි ඔහු කියනවා.

වාම ප්‍රගතිශීලී දේශපාලන කඳවුර සමඟ සන්ධානයක් ගොඩනගා ආණ්ඩුවක් පිහිටුවීම ඉදිරියේදී අනිවාර්යයෙන් සිදු කරන බව කියන මෛත්‍රීපාල සිරිසේන මහතා කළකිරී සිටින පොහොට්ටු සාමාජිකයන් ද එක්කරගනිමින් වහාම ප්‍රතිසන්ධාන කටයුතු අරඹන්නැයි පක්‍ෂ සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව පවසනවා.

බින්දුවට වැටී සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති විය හැකි නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යළි නැගී සිටීමේ නොහැකියාවක් නැතැයි හිටපු ජනාධිපතිවරයා කියන්නේ තම පක්ෂයට නැවත ජයග්‍රහණය කරායාමේ හැකියාව තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published.