පාකිස්තානයට පහසු ජයක්

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (02) පැවැති තරගයේ ජය හිමි කරගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් හොංකොං නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 193ක් රැස් කරගැනීමට සමත්විය. 

ඒ අනුව ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය හොංකොං කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී ගියේ ලකුණු 38ක් තුළදීය.

එම පරාජයත් සමග හොංකොං කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට යනු ඇත.

Leave a Reply

Your email address will not be published.