ආණ්ඩුව දැන් අපිට බයයි – ඩලස්

විධායකයේ බලය පෙනෙන හස්තයක තිබුණත් ව්‍යවස්ථාදායකයේ බලය නොපෙනෙන හස්තයක් මගින් පාලනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 

‘නිදහස ජනතා සභාව’ නමින් නව කාර්යාලයන් විවෘත කරමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

ස්වාධීන මන්ත්‍රිවරුන් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරුන් 13දෙනා නියෝජනය කරන කණ්ඩායම ” නිදහස ජනතා සභාව” නමින් නව කාර්යාලයක් එලෙස අද රාජගිරිය නාවල ප්‍රදේශයේදී විවෘත කර තිබුණි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්ත් මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා,

“මේක හැරවුමක ඇරඹුම ලෙස පිළිගන්න කියලා ආරාධනා කරනවා. එයට බියවුණු කණ්ඩායමකුත් ඉන්නවා. ඒ තමයි ආණ්ඩුව. ඊයේ අයවැය විවාදයේ අපේ කථික ලැයිස්තුවේ
ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන හිටියා.”

“උදේ දැනුම් දුන්නා ඔවුන්ට කතා කරන්න දෙන්න බැහැ කියලා. අපිට පෙනෙන්නේ, විධායකයේ බලය පෙනෙන හස්තයක තිබුණත් ව්‍යවස්ථාදායකයේ බලය නොපෙනෙන හස්තයක හිරවෙලා. නොපෙනෙන පුද්ගලයෙක්…අපි ජනාධිපතිවරණයේදීත් මෙය දැක්කා.”

Leave a Reply

Your email address will not be published.