යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට සුබ පැතුම්

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කරන බව යුරෝපා සංගමය සදහන් කරයි. 

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාල සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසයි. 

අපනයන කර්මාන්ත ඇතුළුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ හරිත ආර්ථිකය පිළිබඳ සහයෝගීතාව සදහා සහයෝගය ලබා දීමට අපේක්‍ෂා කරන බව එම සංගමය සදහන් කරයි. 

එසේම සිය සංගමයේ සහයෝගය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබා දීමට අපේක්‍ෂා කරන බව යුරෝපා සංගමය වැඩිදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published.