තවත් කොවිඩ් මරණ 4ක්

කොවිඩ් -19 ආසාදිත මරණ 04 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

පසුගිය 02 වන දිනට අදාළව මෙම මරණ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මිය ගිය පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු සිටි.

ඔවුන් සියලුදෙනා වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ඊයේ (03) දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 50 දෙනෙකු හඳුනාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.