දෙවන වරටත් නාසා උත්සාහය ව්‍යර්ථ වෙයි

සඳ වටා ගමන් කරවීමට සැලසුම් කරතිබූ  Artemis 1 රොකට්ටුව දියත් කිරීම දෙවන වරටත් කල් තැබීමට සිදුව ඇති බව අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

පසුගිය සඳුදා එය දියත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ හයිඩ්‍රජන් කාන්ඳුවක් සිදුවීමක් හේතුවෙන් එය දියත් කිරීම කල් දැමීමට සිදුවිය.

නාසා ආයතනය මෙතෙක් නිෂ්පාදනය කර ඇති ප්‍රබලතම රොකට්ටුව වන එය දියත් කිරීමේ මට්ටමට ගෙන ඒමට මෙතෙක් හැකිවී නොමැති බව වාර්තා වේ.

කෙසේවුවද ඉදිරි දින කිහිපය තුළ රොකට්ටුව යථා තත්ත්වයට පත්කර දියත් කිරීමට පියවර ගන්නා බව නාසා ආයතනය පවසයි.

Leave a Reply

Your email address will not be published.