මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් – සීතා අරඹේපොළ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වුවහොත් ඒ වෙනුවෙන් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹේපොළ මහත්මිය පවසයි.

ඇය ප්‍රකාශ කළේ ඒ සඳහා වන ඉල්ලීමක් මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් හෝ වෙනත් කිසිදු පාර්ශවයකින් ලැබී නොමැති බවය.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැති බව තමන් විශ්වාස කරන බව ඇය පෙන්වා දුන්නාය.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පක්ෂය තුළ මෙතෙක් සිදුව නොමැති බව ද සීතා අරඹේපොල මහත්මිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published.