පූර්ව කොමිෂන් සභාවල සහ කමිටුවල තීරණ ඇගයීමේ සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මඩකලපුව දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවීමට නියමිතය.
ලබන 28 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනාධිපති කොමිසමේ සාමාජිකයින් අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවී ඔවුන්ගෙන් සාක්ෂි විමසීම සිදුකරන බව කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
එහිදී පුද්ගලයින් 100 දෙනෙකුගෙන් පමණ සාක්ෂි ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
මේ අතර, පසුගියදා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගෙන් පැය දෙකක කාලයක් ජනාධිපති කොමිෂන් සභාව සාක්ෂි ලබාගෙන ඇත.