ශ්‍රී ලංකාව ඉදිරියේ ඉන්දීය දැල්පන්දු ක්‍රීඩිකාවන්ට අමිහිරි පරාජයක්

සිංගප්පූරුවේදී ආරම්භ වු ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ පළමු වටයේ දෙවන තරගය අද (03) පැවැත්වුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 34 -2ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවන අර්ධය නිමාවට පත්වනවිට ලකුණු 58-3 ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. 

තුන්වන අර්ධය අවසානයේ ලකුණු 79 – 10ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසන් අර්ධය ද පෙරමුණ ගෙන පහසුවෙන් තරගය ජයගත්තේය. 

ඒ අනුව, ආසියානු ශූරතා කාන්තා දැල්පන්දු තරගාවලියේදී ලකුණු 102 ට 14ක් ලෙස ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

Leave a Reply

Your email address will not be published.