ශ්‍රී ලංකා පිලට තියුණු ජයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරඟය සාජා ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

එම තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එහිදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 175ක් රැස්කළේය.

එහිදී ගුර්බාස් පන්දු 45කදී ලකුණු 84ක් ලබාගැනීමට සමත් වුණි.

ඒ අනූව ජයග්‍රහණය සඳහා අවශ්‍ය ව තිබූ ලකුණු 176 පන්දු ඕවර 19.1 කදී කඩුලු 6ක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. 

භානුක රාජපක්ෂ පන්දු 14කදී ලකුණු 31යි.

Leave a Reply

Your email address will not be published.