මාමණ්ඩියගේ පහරදීමෙන් බෑණා මරුට

ඉහළගම ප්‍රදේශයේ දී පොරවකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 30 හැවිරිදි පුස්සැල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බිරිඳගේ පියා සමග ඇති වු බහින්බස්වීමක් දුරදිග යාමෙන් මාමණ්ඩිය විසින් පොරොවෙන් පහර දී බෑණාව ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

සැකකරු ඉහළගම පුස්සැල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

පුස්සැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.