කුරුණෑගල දරුවාගේ මරණයට වගකිවයුත්තේ කවුද ?

අනාරක්ෂිත කාණුවකට ඇදවැටීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ කුඩා දරුවා පිළිබඳව අද පාර්ලිමේන්තුවේදීද අවධානයට ලක්විණි.

එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බන්ඩාර මහතා ප්‍රකාශ කළේ මෙම දරුවාගේ මරණය අනවසර ඉදිරිකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස සිදුවූ බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බන්ඩාර මහතා.

උපුටා ගැනීම

“අපි දන්නවා ඉතාම අවාසනාවන්ත සිදුවීමක් වුණා කුරුණෑගල, මලියදේව ආදර්ශ විද්‍යාලයේ අවුරුදු 14ක දරුවෙක් පාසල ඇරලා එද්දී පාර අයිනේ තිබුණු අවදානම් බෝක්කුවකට වැටිලා ඒ ළමයා ජීවිතක්ෂයට පත්වුනා. ඒකට හේතුව තමයි කුරුණෑගල නගරයේ අවිධිමත් කාණු පද්ධතිය සහ කුරුණෑගල නගරයේ අවිධිමත් සහ අනවසර ඉදිකිරීම්. අපි දිගින් දිගටම හැමදාම කුරුණෑගල නගරාධිපතිවරයා ගැන කතාකරා ඔහු අත්තනෝමතික ලෙස කටයුතු කරන නගරාධිපතිවරයෙක් කියලා රටම දන්නවා. අර බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩලා දැම්මා. නගරයේ උද්‍යානයේ තියෙන ගස් ටික කපලා දැම්මා. තියෙන හැම ඉඩමක්ම අත්පත් කරගනිමින් ඉන්නවා. හැමතැනම ගොඩනැගිලි හදලා ඒවා එක එක හෙන්චයින්ට දෙනවා. අනවසර ඉදිකිරීම්වලට කෝටි ගණන් සල්ලි අරන් ඉඩම් ගොඩකරනවා. රෝහල දෙපස තියෙන ඒ වෙල්යායෙන් විශාල ප්‍රමාණයක් ගොඩ කරන්න අවසර දීලා තියෙනවා. ඉතින් මේවාගේ ප්‍රතිඵල විදියට තමයි ඒ කුඩා බෝක්කුවකින් විශාල ජල කඳක් ගලාගෙන ඇවිල්ලා ඒ දරුවා අවදානම් තැනකට වැටිලා ජීවිතක්ෂයට පත්වුණේ.”

උපුටා ගැනීම අවසන්.

Leave a Reply

Your email address will not be published.