සෙලාන් බැංකුව පාපැදි භාවිතය දිරිමත් කිරීම සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දෙයි

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පාපැදි මිලදී ගැනීම සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මේ සඳහා සෙලාන් බැංකුව දැනටමත් දිවයිනේ ප්‍රමුඛතම පාපැදි සැපයුම්කරුවන් කිහිපදෙනෙකු සමඟ අත්වැල් බැඳගෙන සිටී.

රටේ පවතින තත්ත්වය හේතුවෙන් මේ වනවිට පාපැදි සඳහා අධික ඉල්ලුමක් ඇති වී ඇත. කෙසේ නමුත් මෙම ඉල්ලුමට සමගාමීව පාපැදිවල මිලගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති නිසා, බොහෝ දෙනෙකුට පාපැදි මිලදී ගැනීම දුෂ්කර කාර්යයක් වී තිබේ. මේ නිසා සිය ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වඩාත් පහසුවෙන් පාපැදි මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමට සෙලාන් බැංකුව පියවර ගෙන ඇත.

මේ යටතේ සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට Tomahawk හෝ Velo By City වෙතින් පාපැදි මිලදීගෙන, එය පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කරගත හැකි වේ. එමෙන්ම පාපැදි අමතර කොටස් හෝ වෙනත් උපාංග මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන් වෙනුවෙන් සෙලාන් බැංකුව Daraz සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර, විදුලි බලයෙන් ක්‍රියාකරන පාපැදි මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන් වෙනුවෙන් Fono Technologies සමඟ හවුල්කාරීත්වයකට එළඹී ඇත.

ඉහත සඳහන් අලෙවිසැල් වලින් පාපැදි, අමතර කොටස් හෝ උපාංග මිලදී ගැනීමෙන් අනතුරුව, ගනුදෙනුව සිදුකළ දිනයේ සිට දින 7 ක් ඇතුළත 011 200 88 88 අංකය ඇමතීමෙන් පාරිභෝගිකයන්ට අදාළ ගනුදෙනුව මාස 12 ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කරගත හැකි වේ. මෙහි අවම සීමාව රු. 10,000 ක් වන අතර, උපරිම සීමාව රු. මිලියනයකි.

“පවතින තත්ත්වය හමුවේ ඇති හොඳම විසඳුම් භාවිතා කිරීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දීම අපගේ ඉලක්කය වී තිබෙනවා. මේ ආකාරයට, මිල පිළිබඳ ගැටලුවට මුහුණ නොදී පාපැදි මිලදී ගැනීමට අපගේ කාඩ්පත් හිමියන්ට අවස්ථාව සලසා දීමට අප කටයුතු කළේ ඒ නිසයි. වගකීම්-සහගත ආයතනයක් වශයෙන්, මේ දුෂ්කර කාලසීමාවේදී මුහුණ දීමට සිදුවන අභියෝග හමුවේ ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වීම සඳහා අප දිගින් දිගටම කටයුතු කරනවා.” සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ මහතා පැවසී ය.

මෙම දීමනාව මගින් සෙලාන් කාඩ්පත් හිමියන්ට, වර්තමානයේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස හැඳින්විය හැකි පාපැදි මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම මෙවැනි වැඩසටහන් මගින් පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් පාපැදි මිලදී ගැනීමට පෙළඹෙනු ඇති බව සෙලාන් බැංකුව විශ්වාස කරන අතර, වඩාත් නිරෝගී සමාජයක් බිහිකිරීමටත්, පරිසර දූෂණය අවම කිරීමටත් එය නිසැකවම දායක වනු ඇත. එමෙන්ම මෙමගින් සෙලාන් කාඩ්පත් හිමියන්ට ඉන්ධන සඳහා වැයවන අධික වියදම් මෙන්ම, අනාගත සෞඛ්‍ය වියදම් ද අවම වීමට ඉඩ ඇති අතර, එම නිසා මෙය ඵලදායී දීර්ඝකාලීන ආයෝජනයක් ලෙස ද හැඳින්විය හැකි වේ.

Leave a Reply

Your email address will not be published.