ඉන්දියාවේ දැවැන්ත පාගමනක්

එක්සත් ඉන්දියාවක් යන තේමාව යටතේ ඉන්දීය ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය විසින් දැවැන්ත පාගමනක් ආරම්භ කර තිබේ.

එම පාගමන කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර පක්ෂ සාමාජිකයින් රැසක් ඊට සහභාගී වී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අද සිට මාස 05ක කාලයක් ප්‍රාන්ත 12ක් පුරා කිලෝමීටර් 3,570ක දුරක් ගමන් කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති මෙම පාගමනේ දී රාහුල් ගාන්ධි ඇතුළු සාමාජිකයින් ජනතාව ඍජුවම හමුවී ඔවුන්ගේ අදහස් විමසීමට නියමිතය.

පාලක භාරතීය ජනතා පක්ෂය ජනතාව ආගම, කුලය හා භාෂාව ලෙස බෙදා වෙන්කර ඇති අතර එම භේද නොසලකා සියලු ඉන්දියානුවන් එක්සත් කිරීමේ අරමුණින් පාගමන සංවිධානය කළ බව කොංග්‍රස් පක්ෂය පවසයි.

කෙසේවෙතත් ඩිජිටල් යුගයක මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳ කොංග්‍රස් පක්ෂයට විවිධ විවේචන එල්ලවී තිබේ.

Leave a Reply

Your email address will not be published.