කන්න දෙකෙන් ප්‍රශ්නයෙන් සියයට 90ක් විසඳන්න පුළුවන් – සුසිල්

විවිධ සංවිධානවල වාර්තාවලින් මතුවන පාසල් ළමුන්ගේ ගැටළු විසඳාගැනීම සඳහා දක්වන දායකත්වය ප්‍රශ්න සහගත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේ මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම හරහා පවතින ගැටලුවෙන් සියයට 90ක ප්‍රමාණයක් විසඳාගැනීමේ අවස්ථාවක් පවතින බවය.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා.

“යුනිසෙෆ් එකේ අධ්‍යක්ෂකවරුන් මම හිතන්නේ මම හත් අට වතාවක් පහුගිය කාලේ හමුවුණා. වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන්, ඒ ඔක්කොගෙම තියෙන්නේ වාර්තා. මගෙන් ඉල්ලීමක් කළා එක අවස්ථාවකදී අපේ පාසලකට ගිහිල්ලා දරුවන්ව වීඩියෝගත කරලා ලෝකෙට යවන්න ආධාර ගන්න. මම කිව්වා එහෙම රටක් නෙවෙයි මේක. එකට මම ඉඩ දෙන්නේ නෑ, ඔබට වාර්තා අනුව පැහැදිළිව පේනවා නම් යම් ආධාරයක් කළ යුතුයි කියලා ඒ ආධාරය ලබාදෙන්න. මෙන්න මේක තමයි මේ අයගේ පුරුද්ද. විශේෂඥයෝ පත්කරලා එවනවා. සමීක්ෂණ කරනවා වාර්තා දානවා. හැබැයි ඒ වාර්තාවෙන් පැන නගින කාරණය විසඳාගැනීම සඳහා කොයිතරම් දුරට උපකාර කරනවාද කියන එක ප්‍රශ්නයක්. මේක මේ හරියට පොහොර ටික දීලා. අපේ කෘෂිකර්මය සහ වගාව කන්න දෙකෙන් ගත්තොත් එහෙම මේ ප්‍රශ්නය අපිට සියයට 90කට වැඩි ප්‍රමාණයක් විසඳාගන්න පුළුවන්. අදත් අපේ පාසල් පද්ධතිය තුළ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අපි පළාත් 09 තුළ ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. පාසල් පදනමට ගිහිල්ලා පෝෂණය අවශ්‍ය දරුවන් හඳුනාගෙන ඒ දරුවන්ට සමාජ සත්කාරක වැඩසටහන් සහ රජයේ වැඩසටහනත්. සේව් ද චිල්ඩ්‍රන් වැඩසටහන. අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන අපේ සිංහ සමාජ. ඒ සියල්ල අද ඉදිරියට ඇවිල්ලා තියෙනවා. “

Leave a Reply

Your email address will not be published.