මෙරට විදේශීය ණය ප්‍රමාණය ගැන වාර්තාවක්

චීනයේ සහභාගීත්වයක් නොමැතිව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය දුෂ්කර කටයුත්තක් වනු ඇති බව ජපාන රජයේ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය අනාවරණ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් වන විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා චීනය, ඉන්දියාව සහ ජපානයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අභියෝගයක් බව ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය එසේ අනාවරණ කර ඇත.

රොයිටර්ස් අනාවරණයට අනුව ගෝලීය අරමුදල් කළමණාකරුවන් විසින් ලබාගෙන ඇති මෙරට ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 20කට ආසන්නය.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් රෙනේසන්ස් කැපිටල් ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ චාල්ස් රොබට්සන් මහතා රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත්තේ එය තමන් දුටු ඉතාමත් අවුල් සහගත තත්ත්වයක් බවය.

මෙරට විදේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 85ත් 100ත් අතර විය හැකි බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published.