කිරී ඉබ්බන් ඝාතනාගාරයක් වටලයි..

දර්ගා නගරයේ නිවසක ඝාතනාගාරයක් ලෙස මස් පිණිස පනපිටින් කිරි ඉබ්බන් මරා අලෙවි කිරීමේ ජාවාරමක නියුතු සැකකාර පුද්ගලයන් දෙදෙනකු මරන ලද කිලෝ 7.02ක්වූ ඉබිබන් හත්දෙනෙකු,මස් කිරීමට උපයෝගී කරගත් විවිධ පුමානයේ පිහි 4 වන නඩු භාණ්ඩ සමඟ පස්වරුවේ අලුත්ගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව කියයි.

අවුරුදු 35, 40 වයස්වල පසුවූ සැකකරුවන් දර්ගා නගරය මහ වීදියේ නිවසක කිරි ඉබ්බන් ඝාතනයකර මින් සිටියදීම පොලිසිය එම නිවස වටලා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

විවිධ ප්‍රදේශවල තැරැව්කරුවන් මගින් අල්ලාගෙන එනු ලබන කිරි ඉබ්බන් අඩු මුදලකට ලබා ගෙන ඝාතනයකර ඉල්ලුම්කරුවන්ට කිලෝවක් රුපියල් 3000 බැගින් අලවි කිරීම කලක සිට සිදුකර ඇති බව එම ස්ථානය වැටලූ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 8 දින කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.