දමිතා නිදහස් කරන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්

අත්අඩංගුවට ගත් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි.

අද (08) පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු එම ඉල්ලීම සිදුකළේය.

“මම අද ගිය දමිතා අබේරත්න රංගන ශිල්පිනිය බලන්න කොටුව පොලීසියට. ඇත්තටම එතුමිය පොදුජන අරගලයක සාමාජිකාවක්. එතුමියට එන්න කියලා තියෙනවා 9 වෙනිදාට පොලීසියට. නමුත් ඊයේ දිනයේ දී දියත උයන ප්‍රදේශයේ මහජන උද්ඝෝෂණයකට සහභාගී වීමත් සමග ඇයව අත්අඩංගුවට ගත්තා. මම සභානායකතුමාට කියන්න කැමතියි රංගන ශිල්පිනියව දඩයම් කිරීම නතර කරන්න. එතුමිය නීතිවිරෝධි කිසිම ක්‍රියාවක් කරලා නෑ. ප්‍රචණ්ඩත්වයට හෝ රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ හානියකට එතුමිය සම්බන්ධ වෙලා නෑ. එතුමිය කරලා තියෙන්නේ මානව අයිතිවාසිකම් පුහුණු කිරීමක්. ඒ නිසා කරුණාකරලා දමිතා අබේරත්න මැතිනිය නිදහස් කරන්න ඔබතුමා මැදිහත් වෙන්න.”

Leave a Reply

Your email address will not be published.