ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අපරාජිතව ඉදිරියට

ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අපරාජිතව ඉදිරියට යාමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත්විය.

ඒ සත්කාරක සිංගප්පූරුව සමග පැවැති තරගය ලකුණු 67ට 49ක් ලෙස ජය වාර්තා කරමිනි.

ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකාව සහ සත්කාරක සිංගප්පූරුව අතර තරගය අද පස්වරුවේ පැවැත්වුණි.

එහිදී පළමු කාර්තුව ලකුණු 15ට 11ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකාව දෙවන කාර්තුවේදී තවත් ලකුණු 21ක් රැස් කරමින් එම කාර්තුවත් ලකුණු 36ට 26ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.

තුන්වන සහ සිව්වන කාර්තුවලදී ද පෙරමුණ ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව තරගය ලකුණු 67ට 49ක් ලෙස තරගය ජය ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකාව දෙවන වටයේ සහභාගීවන අවසන් තරගය හෙට (08) හොංකොං කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.