සියයට දෙකක්වත් බදු ගෙවන්නේ නෑ – මනූෂ

රටේ ජනගහණයෙන් සියයට දෙකක ප්‍රමාණයක්වත් සෘජු බදු නොගෙවන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ බදු දැල පුළුල් කිරීම හරහා සෘජු බදු වැඩි කර වක්‍ර බදු අඩුකරන ක්‍රමවේදයකට එළැඹිය යුතුබවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා.

“අද වෙනකොට මම බැලුවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොච්චර බදු ලිපිගොනු තියෙනවා ද කියලා. අදවෙනකොට ලියාපදිංචි වෙලා තියෙන බදු ලිපිගොනු ගාන. 68,000යි. ආදායම් බදු ලිපිගොනු තියෙන්නේ පුද්ගලික 308,798යි, වැට් බදු ලිපිගොනු තියෙන්නේ 9,080යි. ඒ කියන්නේ ලංකාවේ පුද්ගලයින් විදියට බදු ආදායම් ගෙවන්නේ 376,798දෙනෙක්. ඒ කියන්නේ සෘජු බදු ගෙවීමට ලියාපදිංචි වෙලා තියෙන්නේ මේ රටේ ජනගහණයෙන් ලක්ෂ 4යි. මිලියන 22ක් රටේ ඉන්නවා බදු ගෙවන්න ලියාපදිංචි වෙලා තියෙන්නේ ලක්ෂ 4යි. එතකොට ලෝකේ බදු ප්‍රතිපත්ති ගැන කතාකරනකොට තියෙනවා  සියයට 10ක් වත් අවම වශයෙන් සෘජු බදු ගෙවන අය ඉන්න ඕනේ කියලා. අපේ රටේ සියයට දෙකක් වත් සෘජු බදු ගෙවන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි මේ අයගෙන් බහුතරයක් බදු ගෙවන්නේ නෑ. හොඳටම බදු ගෙවනවා කියන කෙනත් කියන්නේ සියයට 75යි. දළ ජාතික නිෂ්පාදනයට අනුව අපේ බදු ප්‍රතිශතය ඉතාමත්ම අඩුයි. මේක වැඩිකරගන්න අපේ යම් ක්‍රමවේදයක් හදාගන්න ඕන. මේක ආරම්භ කරන්න ඕන කොතනින් හරි. ඒ නිසා තමයි අපි කියන්නේ බදු දැල පුළුල් කරලා, සෘජු බදු වැඩි කරලා, වක්‍ර බදු අඩුකරන ක්‍රමවේදයකට යන්න ඕන කියලා.”

Leave a Reply

Your email address will not be published.