දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් මස 19 වනදා මෙරට ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව එදින දක්වා ශෝකය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය ආයතනවලට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසටද දැනුම්දී තිබේ.