ඩොලර් 3,000 ක මැණික් ඔන්ලයින් අලෙවියට

ඇමරිකානු ඩොලර් 3000 ක් දක්වා වටිනාකමකින් යුත් මැණික් හා ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමයට ජාත්‍යන්තර වෙළඳපොලට අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.
මීට පෙර එම සීමාව පැවතියේ ඇමරිකානු ඩොලර් 300 ක සීමාව තුළයි.
අපනයන ආදායම ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් නව ලිහිල් කිරීම් සිදුකර තිබෙනවා.එමෙන්ම, කොළඹට පැමිණීමකින් තොරව ප්‍රධාන තැපැල් කාර්යාල හරහා රේගුවේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමෙන් පසුව ජාතික මැණික් හා ස්වර්ණභාරණ අධිකාරියේ වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය නිෂ්පාදන අලෙවි කිරීමේ හැකියාව ව්‍යාපාරිකයින්ට හිමි වනවා.පසුගිය වසරේදී මැණික් අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 297 ක්.

Leave a Reply

Your email address will not be published.