ඉන්දියාවේ ලොකුම ‘කාර් හොරා’ පොලිසියට මාට්ටු

  • නිවෙසේ වටිනාකම රුපියල් කෝටි 10යි
  • වසර 24ක් තිස්සේ මෝටර් රථ පන්දහසක් උස්සලා

ඉන්දියාවේ විශාලතම මෝටර් රථ සොරා අත්අඩංගුවට ගැනීමට පසුගියදා දිල්ලි පොලිසිය සමත් වී ඇත. මෝටර් රථ සොරුන්ගේ කල්ලියක නායකයකු බව කියන 52 හැවිරිදි අනිල් චවුහාන් නමැති මේ පුද්ගලයා පසුගිය වසර 24ක් ඇතුළත මෝටර් රථ පන්දහසකට අධික සංඛ්‍යාවක් සොරකම් කර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මාස 3ක් පුරා සෝදිසි මෙහෙයුමක නිරත වීමෙන් පසු අත්අඩංගුවට ගත් අනිල් චවුහාන්ගේ නිවෙසේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 10ක් බවත් වාර්තා වේ. ඔහු මිල අධික ඇඳුම් සහ අත්ඔරලෝසු භාවිත කරමින් කෝටිපතියකු ලෙස පෙනී සිට ඇති අතර, විවාහයන් තුනක්ද සිදු කරගත් පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී ඇත. ඔහුට එරෙහිව මේ වන විටත් නඩු 180ක් ගොනු කර ඇති අතර, පොලිසිය ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල 6ක් සහ උණ්ඩ පිරවූ මැගසින් හතක් ද තිබී ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.