චාල්ස් කුමරු රජ වෙයි

දෙවැනි එලිසබෙත් මහ රැජනගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ නව රජතුමා ලෙස ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ නම ප්‍රකාශයට පත් කිරීම අද (10) සිදුවීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව මහ රැජනගේ අභාවයත් සමඟ ඇයගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු බවට පත් වනු ඇති අතර, ඔහු නිල වශයෙන් III චාල්ස් රජු ලෙස හැඳින්වෙන බවද සඳහන්ය. ඒ අනුව අද පෙරවරු 10.00ට චාල්ස් කුමරු නිල වශයෙන් රජකු ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන අතර, අනතුරුව ඔහු අගමැති ලිස් ට්‍රස් සහ අනෙකුත් රජයේ නිලධාරීන් හමුවීමටද නියමිතව තිබේ.

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් රජකම් කළ දෙවැනි එලිසබෙත් රැජන වයස අවුරුදු 96ක්ව සිටියදී අභාවප්‍රාප්ත වූ අතර, ඇය පෙරේදා (08) පස්වරුවේ බැල්මොරල් මාලිගයේදී මියගිය බවට බකින්හම් මාලිගය දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published.