රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලවලට වාහන 111ක්

රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලවලට වාහන 111ක් වෙන්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

ජනතාවට ජීවත්වීමට පවා අසීරු වී ඇති අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරුන් තිස් හත් දෙනෙකු පත් කිරීම මගින් රටේ වැය බර තවත් ඉහල යන බවද හෙතෙම පැවසීය.

එක් රාජ්‍ය අමාත්‍යවරයෙකුට පස් දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් හිමිවන බවත් පැවසූ ඔහු ඔවුන්ගෙන් තිදෙනකුට රජය මගින් වාහන තුනක් ලබා දෙන බවද පැවසීය.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published.