රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සියලු ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ලබන 19 වැනිදාට පෙර පිහිටුවා අවසන් කළ යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නව රජයේ සාර්ව ආර්ථික පුනර්ජීවන ඉලක්කයන් අතර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රමුඛත්වය ලබාදී ඇති බව සඳහන් වේ.

ඊට අදාළව දිවයිනේ සියලු ග්‍රාම නිලධාරී වසම් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර ලෙස ශක්තිමත් කර ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලිය මෙන්ම ජාතික ආහාර සුරක්ෂිතතාව සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ සඳහා ග්‍රාමීය මට්ටමේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රශස්ථ ඵලදායීතාවය ලබා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර එම නිලධාරීන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගියදා අමාත්‍ය මණ්ඩලය විසින් යෝජනා ද ඉදිරිපත් කර තිබුණි.

එම යෝජනාවන්ට අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති අතර ඊට අදාළව කටයුතු කරන ලෙස එම ක්ෂේත්‍ර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.