සෙවණගල OICට ඇප

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටි සෙවනගල පොලිස් ස්ථානාධිපති කේ.වී.පී.සී. දීපාල් නමැති අය ඊයේ (09) ඇඹිලිපිටිය අධිකරණයට බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ශ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත් ඒ.ඒ.ඒ ලක්ෂ්මන් මහතා විසින් නියෝග කළේය. එම නඩුව යලි 09/16 වෙනි දින කැඳවීමටද නියෝග කෙරිණි.

සෙවනගල පොලිස් ස්ථානයේ සේවය කරනු ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට අදාළව සෙවනගල පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අනුව පොලිස් මූලස්ථානයේ කාන්තා කාර්යාංශය විසින් පරීක්ෂණක් ආරම්භ කෙරුණු අතර, එහිදී සැකකාර ස්ථානාධිපතිවරයා එම කාර්යාංශයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන පසුගිය දා (29) ඇඹිලිපිටිය

මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා සැකකාර ස්ථානාධිපතිවරයා ඊයේ (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අනුව සැකකාර ස්ථානාධිපතිවරයා ඊයේ (09) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකාර ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස නියෝග කෙරුණි.

Leave a Reply

Your email address will not be published.