රිය අනතුරක් සිදුකර පළාගිය මෝටර් රථයක් කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයේ පරගම්මන ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළී ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ මෝටර් රථයේ රියදුරු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවය.
අදාළ මෝටර් රථය අද (10) පෙරවරුවේ කෑගල්ල වැලිමන්නාතොට ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුව අනතුරට ලක්කර බුලත්කොහුපිටිය මාර්ගය ඔස්සේ පළාගොස් ඇත.
එම අවස්ථාවේදී තවත් රියදුරන් කිහිපදෙනෙකු අදාළ මෝටර් රථය හඹාගොස් ඇති අතර එහෙත් ඔහුව මඟහැරී තිබේ.
එලෙස පළායමින් සිටිය දී අදාළ මෝටර් රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව බුලත්කොහුපිටිය මාර්ගයේ පරගම්මන ප්‍රදේශයේ දී පෙරළී ගොස් ඇත.
පසුව පොලීසිය පැමිණ මෝටර් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.
යතුරුපැදියේ ගැටී සිදුවූ අනතුරෙන් එක අයෙකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා විය.
අත්අඩංගුවට ගත් මෝටර් රථයේ රියදුරු හෙට (11) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකටණයට ඉදිරිපත් කිරීමට නියමිතය.