ආනමඩුවේ වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද (10) හවස ආනමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබේ.

එහිදී එම නිලධාරීන් පිරිසකට ආනමඩුව ප්‍රදේශයේදී කිසියම් පිරිසක් පහර දී ඇත.

පහරදීමෙන් තුවාල ලැබූ එම ඒකකයේ ස්ථානාධිපති ඇතුළු සිව්දෙනෙක් ප්‍රතිකාර සඳහා පුත්තල මූලික රෝහලට ඇතුළු කළ බව පොලීසිය පවසයි.

වැටලීම සඳහා නිලධාරී කණ්ඩායම පැමිණ තිබුණේ යතුරුපැදිවලිනි.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන්ව යතුරුපැදිවල නංවාගෙන නැවත පැමිණෙමින් සිටියදී කොට්ටුකච්චිය පුරාණගම ප්‍රදේශයේදී පිරිසක් මග හරස් කරමින් නිලධාරීන්ට පහර දී ඇත.

යකඩ පොලු හා ලී පොලුවලින් මෙම නිලධාරීන්ට පහරදී ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ආනමඩුව පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.