මහ රැජිනගේ අවමංගල්‍යය ට ජනපති බ්‍රිතාන්‍යය

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යය උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා ඒ සඳහා ලබන 17 වන දින බ්‍රිතාන්‍යය බලා පිටත්ව යාමට නියමිත බවය.

මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව්මැඳුරේ ලබන 19 වන දින දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ තබා ඇති ශෝකය පළ කිරීමේ සටහන් පොතේ සටහනක් ද තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අභාවය පිළිබඳව බ්‍රිතාන්‍ය රාජකීය පවුලට, රජයට සහ ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ශෝකය පළ කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.