මාස අටට වෛද්‍යවරු 500 ක් රට ගිහින්

ගෙවුනු මාස අටක කාලය තුල ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් 500 ක් පමණ විදෙස්ගතවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය 09දා ඔහු මේ බව පැවසීය.

මෙම තත්ත්වය බරපතල කාරණයක් බව ද ඔහු සඳහන් කළේය. ගෙවුනු මාස දෙක තුල විදෙස් ගතවුණු වෛද්‍යවරු බොහෝ දෙනෙක් විදෙස් ගතව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීමකින් තොරව බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

ඒ හේතුවෙන් මේ වනවිට සේවය අතහැරයාමේ නිවේදන නිකුත් කළ වෛද්‍ය වෘත්තියකයන්ගේ ගණන පනහකට වැඩි බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අවධාරණය කළේය. වෛද්‍යවරුන් විදෙස්ගතවීම රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට තදින් බලපෑම් ඇති කරන්නක් බව කී ඔහු රටේ අහිංසක දුප්පත් ජනතාවට මේ තත්ත්වය තදින් බලපනු ඇතැයි ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.