අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක්

දැඩි තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි තරුණයෙකුගේ සිරුරක් අද (12)  අලුයම හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල මංසන්ධිය අසල තිබි හමු වී තිබේ.

මියගිය තරුණයාගේ සිරුරේ තුවාල කිහිපයක් තිබු බවත්, තරුණයාගේ බවට සැකකරන රුධිරය තරුණයා මියගිය ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක විසිරි තිබු බවත් දිඹුල පතන පොලීසිය කියා සිටියේය.

මෙලෙස මියගොස් ඇත්තේ තලවකැලේ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි තලවකැලේ මත්ස්‍ය වෙළෙඳපොළක සේවය කරන නදිර සම්පත් නැමති 30 හැවිරිදි අයෙකි.

මියගිය තරුණයා රිය අනතුරකින් මිය ගියාද? නැතහොත් ඝාතනය කර ඇත්දැයි? සොයා බැලීමට දිඹුල පතන පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඊයේ (11) රාත්‍රී 11ට පමණ හැටන් – කොටගල මංසන්ධියේ තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටින තරුණයෙකුගේ සිරුරක් ඇති බවට අනතුර සිදු වු ස්ථානයේ පදිංචිකරුවන් කළ දැනුම්දීමක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.