පොලීසිය දෙමටගොඩ මහල් නිවාස සංකීර්ණයක් හදිසියේ සෝදිසි කරයි

දෙමටගොඩ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පොලීසිය සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමක දී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම මෙහෙයුමේ දී හෙරොයින් ග්‍රෑම් 35ක්, මත්පෙති 100ක් සහ කඩු පහක් සොයාගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 44ත් අතර වයස්වල පසුවන්නන් බව සඳහන්ය.

ඔවුන් අලුත්කඩේ සහ මාළිගාකන්ද යන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධීන් සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.