සාගර කාරියවසම් කසළ ශෝධක කර්තව්‍ය හොඳින් කරනවා -ගම්මන්පිල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, සාගර කාරියවසම් මහතා විසින් පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (12) අදහස් දැක්වීය.

අද පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීයෙක් විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ රාජපක්ෂවරුන්ට සොරකම් කිරීම ගැන චෝදනා නොමැති බවට සාගර කාරියවසම් මහතා පැවසීම සම්බන්ධයෙන් විමසා සිටියේය.

එයට පිළිතුරු දෙමින් උදය ගම්මන්පිල මහතා පැවසුවේ, සාගර කාරියවසම් මහතා ඔහුට හිමිව ඇති කර්තව්‍ය මැනවින් ඉටුකරන බවය.

එහිදි පිළිතුරු දුන් උදය ගම්මන්පිල මහතා,

“එතුමා මීට කලින් මැතිවරණයක් තරග කරලා පරාජයට පත්වෙලා, තමන්ට ජනතා කැමැත්තෙන් නම් පාර්ලිමේන්තු යන්න බැහැයි කියලා තේරුණාට පස්සේ බැසිල් රාජපක්ෂ මහතාගේ ගුණ වර්ණනා කිරීමෙන්, ඔවුන්ගේ අඩුපාඩු වැරදි ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කිරීමෙන් කසළ ශෝධනය හොඳට පුළුවන් කියලා ඔප්පු කිරීමෙන් තමයි එතුමා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුව හරහා මන්ත්‍රී ධුරයක් ලබාගත්තේ. එතුමාට හිමිවෙලා තියෙන කසළ ශෝධක කර්තව්‍ය මැනවින් ඉටුකරනවා කියලා බය නැතුව කියන්න පුළුවන්.”

Leave a Reply

Your email address will not be published.