අසීරු තත්ත්වයෙන් මිදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීම සඳහා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා මහතා පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් පිරිස අද (12) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

එහිදී ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාවට එළඹිය හැකි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව ද අවධානය යොමුව තිබේ.

Leave a Reply

Your email address will not be published.