සිංගප්පුරුවේ පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් තරගයේදී සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ශුරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායම UL 315 ගුවන් යානයෙන් ඊයේ (12) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
එම කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් එහිදි සංවිධාන කර තිබුණි.
එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා, ගයන්ජලී අමරවංස පවසා සිටියේ, කණ්ඩායමේ සියලුදෙනාගේ එකමුතුකම ජයග්‍රහණයට හේතුවක් වූ බවය.
“නායිකාව විදියට විශාල සතුටක් තියෙනවා. මට විශාල සහයෝගයක් ලබාදුන්නා කණ්ඩායමක් විදියට. ඒ වගේම කණ්ඩායමක් විදියට අපිට දිනන් උවමනාව තිබුණා. ඒ වගේම එකමුතුකම හා සමගිය තිබුණ නිසා තමයි අපි ජයග්‍රහණය කළේ.”