හෝටල් සේවකයින් දැඩි පීඩනයක – වහාම දීමනාවක් අවශ්‍යයි

වර්තමානය වන විට ජනතාවගේ ජීවිතය බිද වැටී ඇති අතර,ජනතාවගේ මාසික වැටුප වැඩිවීමකින් තොරව තිබියදී ජනතාවගේ ජීවන වියදම දැවැන්ත ලෙස ඉහල යමින් තිබෙන බවත්, මේ තුලින් රටේ හෝටල් සේවකයන් හා අනෙකුත් සේවකයන්ද දැඩි පීඩනයකට පත්ව සිටින බව අද කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතීඥ ජානක අධීකාරී මහතා පැවසීය.

හෝටල් සේවකයින්ගේ මාසික වේතනය තීරණය වන්නේ මුලික වැටුප පදනම් කොට නොව එය තීරණය වන්නේ සේවා ගාස්තු යටතේය.2018 වසරේදී සේවා ගාස්තුව රුපියල් 30000- 40000ත් අතර පැවතියද ඒ වන විට සංචාරකයින් ලක්ෂ 23කට අධික ප්‍රමාණයක් මෙරටට පැමින සිටි බවත්, ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය හා කොරෝනා තත්වයෙන් පසුව මේ වන විට හෝටල් සේවකයින් ඉතා කේදනීය ඉරණමකට පත්ව ඇති බව පෙන්වා දුන් ජානක අධිකාරී මහතා පසුගිය වසර තුල ලක්ෂ 05කට අඩු සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවත්,හෝටල් සේවක මහත්ම මහත්මීන්ට සේවා ගාස්තු වශයෙන් ලැබී ඇත්තේ එවැනි කුඩා පිරිසකගේ සේවා ගාස්තුවක් බැවින් හෝටල් සේවකයින්ගේ වැටුප බරපතල අඩුවීමකට ලක්ව ඇති බවත් හෝටල් සේවකයින් ජීවත්වීමේ සටනක මේ වන විට නිරතව සිටින බවත් පෙන්වා දෙන ලදි.

මේ තත්වය ආණ්ඩුව කිසිදු තැකීමකට නොගෙන සිටිනවා.රජයක් ආණ්ඩුවක් කියන්නේ රටක පුරවැසියන්ගේ වගකීම දරණ පිරිස බවත්,අවාසනාවකට ජන බලයක් නොමැති පාලකයො කණ්ඩායමක් බලය අල්ලාගෙන සිටින බවත් පෙන්වා දුන් ඒ මහතා එම පාලකයන් ඉතා නින්දිත අයුරින් ජනතාව පීඩාවට පත් කරමින් තමන්ගේ සුඛෝපභෝගී ජීවිතය ගත කරමින් සිටින බව පැවසීය.

සංචාරක ක්ෂේත්‍රය වැනි බරපතල ගැටලු සහිත ක්ෂේත්‍රයකට පත් කොට ඇති ඇමතිවරු ගැන කිසිදු සෑහිහකට පත්විය නොහැකි බවත්,මේ තත්වය තුල මේ රටේ හෝටල් සේවකයින්ට විශේෂ දීමනාමක් ලබාදීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් එසේ නොවුවහොත් ඉදරියේදී වෟත්තීය සමිති ක්‍රියාමාර් ග ගැනීමට සිදු වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published.