වෙළෙඳපොළට එන අලුත්ම හොන්ඩා යතුරුපැදි ගැන හෙළිදරව්වක්

මීළඟ වසර තුන තුළදී විද්‍යුත් යතුරුපැදි මාදිලි 10ක් එළිදැක්වීමට අපේක්ෂාකරන බව හොන්ඩා සමාගම නිවේදනය කරයි.

2040 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ලබාගැනීමට එම සමාගම දරන ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස ඔවුන් මෙය සැලසුම් කර තිබේ. 

ලොව යතුරුපැදි වෙළෙඳපොළේ ප්‍රමුඛයා වන්නේ හොන්ඩා සමාගමයි.

නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල යතුරුපැදි අතීශය ජනප්‍රිය බැවින් විද්‍යුත් යතුරුපැදි වෙත යොමුවීම හිතන තරම් පහසු නොවන බව එම සමාගම පවසයි.

විද්‍යුත් යතුරුපැදියේ මිල ඉහළයෑමට ඉඩ ඇති බව පවසන හොන්ඩා සමාගම ඒ හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳපොළ වෙත පිවිසීම දැඩි තරගකාරී වියහැකි බව පැවසීය.

එම සමාගමේ ඉලක්කය වසර 5ක් තුළ විද්‍යුත් යතුරුපැදි මිලියනයක් අලෙවි කිරීමය.

විද්‍යුත් යතුරුපැදි නිෂ්පාදනය ඇරඹුවද පොසිල ඉන්ධන යොදාගන්නා යතුරුපැදි නිෂ්පාදනයෙන් ඉවත් නොවන බව එම සමාගම පවසයි.

ඒ වෙනුවට කාබන් නිකුතුව අඩු ගැසොලින් – එතනෝල් මිශ්‍රණ භාවිතයෙන් ධාවනය කළ හැකි ලෙස යතුරුපැදි දියුණු කිරීමට ද හොන්ඩා සමාගම සැරසෙයි.

Leave a Reply

Your email address will not be published.