කුලියට කඩු බෙදාහරින පුද්ගලයෙක් STF භාරයට

යාපනය ප්‍රදේශයේ තහනම් සංවිධාන සාමාජිකයන්ට කුලීපදනම මත යකඩ කඩු ⁣බෙදාහරින පුද්ගලයෙක් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමක දී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

වඩුක්කෝට්ටේ පොලිස් වසමේ මුරුකන් කෝවිලඩි, තුණවි, වඩුක්කෝට්ටේ, යාපනය යන ලිපිනයේ දී අදාළ වැටලීම සිදුකර තිබේ.

එහි දී ඊයේ රාත්‍රී 10.30ට පමණ නීතිවිරෝධී සංවිධාන සඳහා කුලී පදනම මත බෙදාහැරීම සඳහා තියුණු මුවහත් සහිත යකඩ කඩු 11ක් සන්තකයේ තබාගෙන සිටි 22 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published.