පාසල් සිසුන්ට පාර්ලිමේන්තුවේ දොර ඇරෙයි

පාර් ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන  දිනවලදී පාසල් ශිෂ්‍යයන්ට සහ වෙනත් පාර්ශවයන්ට පාර් ලිමේන්තුව නැරඹීමට අවස්ථාව ලබාදීමට පාර් ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (13)  තීරණය කළේය.

ඒ අනුව පාර් ලිමේන්තුවේ මහජන ගැලරිවලට පැමිණීමටද ඔවුනට එම දිනවලදී අවස්ථාව උදාවනු ඇත.

කොවිඩ්  සහ  රටේ ආරක්ෂක තත්වය හේතුවෙන්  පාර්ලිමේන්තුව නැරඹීම කාලයකට පෙර සිට තාවකාලිකව නතර කෙරිණ.

පාර් ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමේ අවශ්‍යතාව  වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ  අවධානයට ඊයේ (13) යොමු කළේය.

පාර් ලිමේන්තුව කාරක සභාව ඉහත තීරණය ගෙන ඇත්තේ  ඉන් අනතුරුවය.

Leave a Reply

Your email address will not be published.