මන්නාරම ඩොලර්වලින් ගනුදෙනු කරන දූපතක් කරලීමේ ඩයනාගේ සංචාරක සැලැස්ම

ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපත සංචාරක කර්මාන්තය සඳහාම නිර්මාණය වූ විනෝදාස්වාද දූපතක් බවට පරිවර්තනය කළ හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. මැකාඔ දූපත මෙන් එය සංචාරක එය ඩොලර්වලින් පමණක් ගනුදෙනු කරනු ලබන තැනක් පමණක් විය යුතු බවත් සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණ බවත් ඇය මෙහිදී අවධාරණය කළාය.

සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය වශයෙන් ඊයේ (13) නව තනතුරේ වැඩ භාර ගනිමින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

තව ද සංචාරක කර්මාන්තය විවිධ කාණ්ඩයන්ට වෙන් කල හැකි බවත්, ඒ කාණ්ඩ අතරින් Entertainment Tourism යනු විනොදාස්වාදය වෙනුවෙන්ම පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් වෙනු වූ කාණ්ඩයක් බැවින් සංචාරකයින් වෙනුවෙන් ඒ තුළ වූ ඔවුනට විනෝද වීම සඳහා අවශ්‍ය අවස්ථාවන් නිර්මාණය කර දිය යුතු බවත් ඇය පවසා සිටියාය.

එමඟින් මුදල් වියදම් කිරීමට මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඔවුන්ගේ හිතැඟි පරිදි මුදල්  වියදම් කිරීම වෙනුවෙන් අවස්ථාවන් සැලසෙන බව ද රාජ්‍ය අමාත්‍යවරිය එහි දී වැඩිදුරටත් පවසා සිටියා ය.

“Entertainment Tourism කියන්නේ, ඒ ගොල්ලෝ එන්නේ Night Club යන්න, කන්න බොන්න විනෝද වෙන්න ඒ වගේ Entertainment වලට. අද අපේ රටේ ඇත්තටම ඒක අඩුයි. මොකද අපි රටක මේ එන සංචාරකයින්ගෙන් සල්ලි ගන්න ඕනනම්, අපිට ඒ ගොල්ලන්ගෙන් බලෙන් සල්ලි ගන්න බැහැනේ. අපිට ඒ ගොල්ලන්ට වියදම් කරන්න Opportunity එකක් දෙනන් ඕන. ඒ Opportunity එක නැත්තන්, දැන් රෑ 10න් පස්සේ කොළඹ නිකන් සොහොනක් වගේ නම්, අපිටත් පේනවනේ ගියාම රෑ 10න් පස්සේ ගියොත් කොළඹ මුකුත් නැහැ. වියදම් කරන්න තැනක් නැහැ. සල්ලි තියනවා වියදම් කරන්න තැනක් නැහැ. මිනිස්සුන්ට ගහලා සල්ලි ගන්න බැහැනේ. ඒ නිසා අපි මේකට Opportunity දෙන්න ඕන වියදම් කරන්න. මේ Opportunity හදන්න ඕන අපි. මොකද ඒකට තමයි Night Life කියන්නේ, Night Economy කියන්නේ. ඉතින් ඒක අපි හදන්න ඕන.”

“මන්නාරම දූපත අපට සම්පූර්ණයෙන්ම හදන්න පුළුවන් Entertainment Macau කියන රට වගේ. ඒ රට ඔක්කොම Entertainment. Macau දූපත වගේ මන්නාරම් දූපත සම්පූර්ණයෙන් Entertainment එකක් කරන්න පුළුවන්, Entertainment දූපතක් ඩොලර් වලින් පමණක් Business කරන, රුපියල් නැහැ, ඩොලර් පමණයි. මේක අපි convert කරලා බලන්න ඕන ඩොලර් වියදම් කරන තැනක් විදිහට විතරක්. වියදම් කරන්න ඕන තරම් රටේ ලෝකේ මිනිස්සු ඉන්නවා, එහෙම හැදුවොත්. ඉතින් ඒක නිසා අපි ඒ වගේ දේවල්, එතකොට ඒ වට පිටාවේ තියන අපේ එයාර්පොර්ට් ටික, අපේ airport ටික Develop කරන්න පුළුවන් ඒ හේතුව හින්දා. ඉතින් එතනට එන ලඟම පලාලි තියනවා, ජැෆ්නා තියනවා, KKS තියනවා. ඒ වගේ Airport තියනවා. එතකොට ඒවා අපිට සම්පූර්ණයෙන්ම Develop වෙනවා.”

Leave a Reply

Your email address will not be published.