පේරාදෙණි සරසවි සිසුන්ට අර්ධකාලින රැකියා වරම්

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සියලු සිසුන් සඳහා මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කොට තිබේ .

මෙරට විශ්ව විද්‍යාලයක ප්‍රථම වරට ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල යටතේ එක් සිසුවකු සේවය කරන පැයක කාලයක් සඳහා රුපියල් 350 ක ගෙවීමක් කිරීමට ද නියමිතය .

සරසවිය තුළ අනධ්‍යයන සේවා සැපයුම සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දැනුම හුවමාරුව සඳහා සිසුන්ට මෙම අර්ථ කාලීන රැකියා පත්වීම ලබා දීමට නියමිත බව උපකුලපති එම්. ඩී. ළමා වංශ මහතා පැවසීය .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගැන ක්‍රියා කොට තිබේ .

මෙම නව වැඩපිළිවෙළ පිළිබඳ සිසුන්ගෙ විශාල උනන්දුවක් තිබෙන බවත් මේ වන විටත් ඒ සඳහා සිසුන් 170 දෙනකු පමණ ඉල්ලුම් කර තිබෙන අතර ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඔක්තෝබර් මස 01 වැනි දින සිදු සිදුකිරීමට නියමිතය

Leave a Reply

Your email address will not be published.