ස්මාර්ට් වීමට සැරසෙන පාවෙන වෙළෙඳ සංකීර්ණය

නවීන ලෝකයට ගැලපෙන පරිදි අලුත් අදහස්වලින් යුක්ත නව අරගල භූමියක්, තරුණ ප්‍රජාවගේ හා රාජ්‍ය ව්‍යවසායන්ගේ එකතුවෙන් කොටුව පා වෙන වෙළෙද සංකිර්ණ භූමියේ ඉදි වන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.

වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා ප්‍රකාශ කරන්නේ කොටුව පා වෙන වෙළෙද සංකිර්ණයේ තරුණ තරුණියන් වෙනුවෙන් කලාව, සාහිත්‍ය, තොරතුරු තාක්ෂණය මෙන්ම නිදහසේ හමු වී නිදහසේ අදහස් හුවමාරුකර ගැනීම් හා සාකච්ඡා දැක්විය හැකි ස්ථානයක් සැකසෙනු ඇති බවයි.

ඊට අමතරව චිත්‍ර ප්‍රදර්ශන, සංගීත උත්සව පැවැත්විය හැකි ස්ථාන මෙන්ම ආපන ශාලා ද මෙහි ඉදි කෙරන බව සාගල රත්නායක පවසයි.

තරුණ තරුණියන්ගේ දක්ෂතාවලට ආර්ථිකමය වටිනාකමක් ලබාගත හැකි ස්ථානයක් බවට පත් කිරීමට නියමිත මෙහි ඊට අදාළ සේවා පහසුකම් රජයෙන් ලබාදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.