දැඩි ආරක්ෂාවක් මැද වෙලේ සුදා අධිකරණයට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා” ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 05 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාර “වෙලේ සුදා” දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

නඩුවේ තවත් විත්තිකාරියක වශයෙන් නම් කර සිටින වෙලේ සුදාගේ බිරිඳ ද අධිකරණය පෙනී සිටියාය.

ඉන් අනතුරුව නඩු විභාගය දෙසැම්බර් මස 05 වනදා කැඳවීමට ද අධිකරණය නියම කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් කොළඹ දෙහිවල, රාජගිරිය, මාදිවෙල ඇතුළු ප්‍රදේශය කිහිපයක නිවාස හා දේපළ අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට “වෙලේ සුදා” ඔහුගේ බිරිඳ සහ ඥාති සහෝදරියකට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබේ.
 

Leave a Reply

Your email address will not be published.