බිල්පත් නොගෙවූ මැතිඇමතිවරුන්ගේ ජල සැපයුම විසන්ධි කෙරේ

මෙතෙක් ජල බිල්පත් පියවා නොමැති මැතිඇමතිවරුන් තවත් මාස දෙකක් තුළ එය පියවීමට කටයුතු නොකරන්නේ නම් ජල සැපයුම විසන්ධි කරන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පියල් පත්මනාථ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා කථානායකවරයා උපදෙස් ලබාදුන් බවය.

මෙම වසරේ අගෝස්තු මාසය තුළ පමණක් ජල බිල් නොගෙවූ ජල සැපයුම් විසි එක්දහසකට අධික සංඛ්‍යාවක් විසන්ධි කිරීමට පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම වසරේ අගෝස්තු මාසය තුළ ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම් 21,527ක් එලෙස විසන්ධි කර තිබේ.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ මැතිඇමතිවරුන් පිරිසක්ද ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බව නියෝජ්‍ය සමාන්‍යාධිකාරීවරයා පෙන්වා දුන්නේය.

මේ අතර පාසල් සහ විහාරස්ථානවල ජල බිල්පතෙහි වැඩිවීමක් සිදු නොවන බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය

Leave a Reply

Your email address will not be published.